ජෙරම් STF අත්අඩංගුවට

ජෙරම් STF අත්අඩංගුවට

April 6, 2023   09:50 am

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු වන අතුරුගිරියේ ජෙරම් පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බළකායේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අතුරුගිරිය මිලේනියම් සිටි ප්‍රදේශයේ දී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරු පසුගිය මාර්තු 25 වන දින හෝමාගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට අවශ්‍යව සිටි සැකකරුවෙකු බව වාර්තා වේ.

මොහු සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අතර අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවෙකු බව ද සඳහන්ය.
 
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බව පොලිස් විශේෂ කාර්යය බළකාය සඳහන් කළේය.