බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල වැඩිකෙරේ

බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල වැඩිකෙරේ

February 16, 2023   11:08 am

විදුලි ගාස්තුව වැඩිකිරීම හේතුවෙන් බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩිකිරීමට තීරණය කර තිබේ.

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසුවේ එම මිල 10%කින් වැඩි කෙරෙන බවය.