ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට තීරණයක්

ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට තීරණයක්

February 5, 2023   07:30 am

ව්‍යවස්ථාදායක සභාව හෙට (06) යළි රැස්වීමට නියමිතය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 03ට ව්‍යවස්ථාදායක  සභාව රැස්වීමට නියමිත බව වාර්තා වේ.

ව්‍යවස්ථාදායක සභාව පසුගිය 25 වනදා පළමුවරට රැස්වූ අතර ජනවාරි මස 30 වනදා ද යළි රැස් විය.

කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත්කිරීමේ ක්‍රමවේදය පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක්වූ අතර ඒ සඳහා අයදුම්පත් කැඳවීමට තීරණය කර තිබුණි.

ඒ අනුව, පෙබරවාරි මස පළමුවැනිදා සිට 15 වැනිදා දක්වා කොමිෂන් සභා සාමාජිකයින් සඳහා අයදුම්පත් යොමුකිරීමේ අවස්ථාව හිමිව තිබේ.

මේ වන විටත් පුරප්පාඩු වී ඇති මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයින් සඳහා නව පත්කිරීම් සම්බන්ධයෙන් හෙට දිනයේ රැස්වන ව්‍යවස්ථාදායක සභාවේ අවධානය යොමුවනු ඇති බව වාර්තා වේ.