මරණීය දණ්ඩනය හිමිවූ පුද්ගලයෙක් සැඟව සිටියදී වසර 10කට පසු අල්ලාගනී 

මරණීය දණ්ඩනය හිමිවූ පුද්ගලයෙක් සැඟව සිටියදී වසර 10කට පසු අල්ලාගනී 

January 24, 2023   05:06 pm

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය හිමිවූ පුද්ගලයෙක් සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

එම පුද්ගලයාව හෙරොයින් මත්ද්‍රව්‍ය සමග 2000 වසරේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව, ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබුණි.

ඒ අතරතුරදී සැකකරුට ඇප ලැබී තිබුණු අතර පසුව ඔහු නඩුව සඳහා ඉදිරිපත් වී නොතිබුණි.

ඒ අනුව, ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු ද නිකුත් කර තිබුණි.

චුදිතයා නොමැතිව නඩු විභාගය පවත්වා ඇති අතර ඒ අනුව ඔහුට මහාධිකරණය විසින් 2012 මැයි 08 වනදා මරණීය දණ්ඩනය තීන්දුකර විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.

මේ අතර එම චුදිතයාව ඊයේ (23) පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්තනගල්ල කහටෝවිට ප්‍රදේශයේ සඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව හෙට කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසීය.