ප්‍රබල හෙරොයින් ජාවාරම්කාරියක් අත්අඩංගුවට

ප්‍රබල හෙරොයින් ජාවාරම්කාරියක් අත්අඩංගුවට

January 6, 2023   04:07 pm

රුපියල් ලක්ෂ 5කට ආසන්න වටිනාකමක් ඇති හෙරොයින් මත්කුඩු තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය පැවසුවේ 63 හැවිරිදි මෙම කාන්තාව "වැල්ලම්පිටිය කුඩු ස්වර්ණා" යන අනුවර්ථන නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් බවය.

සැකකාරිය සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25යි මිලිගෑම් 940ක් පොලීසිය භාරයට ගෙන ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසයේ බස්නාහිර පළාත් දූෂණ මර්ධන අංශයට ලද තොරතුරකට අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමක දී වැල්ලම්පිටිය ලන්සියා වත්ත ප්‍රදේශයේ පිහිටි සැකකාරියගේ නිවසේදීම ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරියට එරෙහිව මහාධිකරණයේ මත්ද්‍රව්‍ය නඩු 4ක් විභාග වෙමින් පවතී.