2023 අයවැය කතාව ඇරඹෙයි

2023 අයවැය කතාව ඇරඹෙයි

November 14, 2022   01:33 pm

2023 වර්ෂය සඳහා වන අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරන ප්‍රකාශයේ සජීවී විකාශය ඉහතින් දැක්වේ.

* මෙරට කම්කරු නීතිය යල්පැන ගොස්ය. එබැවින් ආර්ථිකයට හා සේවකයින් ට ගැලපෙන පරිදි නව යාවත්කාලීන කළ තනි කම්කරු නීතියක් බලාත්මක කිරීමට යෝජනා කෙරේ.

* යහපත් ව්‍යාපාර පරිසරයක් ඇති කිරීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය වෙත රු මිලියන 200ක් වෙන් කෙරේ.

* ශ්‍රී ලංකාවේ සැපයුම් ලෝකයේ පළමු රටවල් 70ට ගෙන යෑමට 2023 සිට 2027 දක්වා තුන් අවුරුදු සැපයුම් සේවා සංවර්ධන වැඩසටහනක් හඳුන්වා දෙයි.

* දිගු කාලීන සමාජ සංහිඳියාවක් පවත්වා ගැනීමට හා සීඝ්‍ර ආර්තික වර්ධනයක් කරා ගෙන යෑමටත් බලාපොරොත්තු වෙනවා.

* අපි මෙය සිදුකළ යුත්තේ ගෝලීය සංසිද්ධීන් ගැන අවධානය යොමුකරමිනි.

* ආර්ථික ප්‍රතිසංස්කරණය හා ආර්ථික නවීකරණයට සුවිශේෂි අවධානයක් යොමු කරනු ලබනවා.

* මෙවැනි නව ආර්ථිකයක් බිහි කිරීම අභියෝගයක්.

* සමාජ ආරක්ෂක විවෘත ආර්ථික ක්‍රමයක් අපි බිහි කිරීමට බලාපොරොත්තු වෙනවා.

* පුද්ගලික ව්‍යවසායකයින් මෙන්ම නව ව්‍යවසායකයින් බිහි කළ යුතුයි.

* අපි මේ තත්ත්වය වෙනස් කළ යුතුයි.

* පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කළ යුතුයි

* මේ අර්බුදය මැද සුබ සාධන වැඩසටහන් වඩාත් කාර්යක්ෂම සිදුකළ යුතුයි.

* නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය මෙන්ම අනෙක් සියලු දෑ සමාජයේ සියලුදෙනාට එක සේ ලැබෙනවා ද යන්න සොයා බැලිය යුතුය.

* වර්තමාන තරුණ පරපුර එය අපේක්ෂා කෙරේ. ඒ නිසා නව ආර්ථික ක්‍රමයෙන් එය සිදුකළ යුතුයි.

* ජීවන රටා යළි පහළ මට්ටමට නොවැටෙන ලෙස නව ගමන ආරම්භ කළ යුතුයි.

* ගෙදර ආදායම ඉහළ යද්දි ජීවන රටාවත් ඉහළ යනවා.

* අපි සියලුදෙනා කැපවීම් කරන්නේ රට යළි නංවාලීමේ අදහසිනි.

* තවත් සියලු දුෂ්කරතාවයන්ගෙන් මිදෙන්න හැකිවී නෑ.

* ලෝක ප්‍රවණතා වෙනස්. ඒ නිසා ඒවාට ගැලපෙන ආර්ථික පසුබිමක් සැකසිය යුතුය.

* 1977 ආර්ථික පදනම දැන් ගැළපෙන්නේ නෑ.

* තරුණයින්ගේ අපේක්ෂාව යහපත් හෙට දවසක්. ක්‍රමවේදයේ වෙනසක්. අපි නව ආර්ථිකය නිර්මාණය කරන්නේ තරුණයින්ගේ හෙට දවස වෙනුවෙන්.

* ජාතික සම්පත් කියා සිතාගෙන ආයතන කෙරෙහි අවධානය යොමු කරද්දි සැබෑ සම්පත් අපිට ගිලිහෙමින් යනවා. තරුණයින් අපේ ර‍ට හැර යනවා.

* නිදහසින් පසුව 75 වසරක් පුරා අපි ජාතික සම්පත් රැකගැනීමට කතා කරලත් අපි සැබෑ ජාතික සම්පත් වෙනුවෙන් අනාගතයක් නිර්මාණය කර දී තිබෙනවා ද? අපේ රටේ තරුණ ප්‍රජාවට වෙනුවෙන් සිදුකර ඇති දේ ගැන සතුටු විය හැකි ද?

* චීනය හා ඉන්දීයාව සමග ණය ලබාගැනීම පිළිබඳ අදහස් හුවමාරු කරගන්නවා.

* උද්ධමනය යම් ප්‍රමාණයකින් පාලනය කරගැනීමට පුළුවන් වුණා.

* ලබන වසර අවුරුද්ද ඇතුළත ආර්ථික ස්ථාවරත්වය ඇති කරගැනීමට හැකි වෙනවා.

* අද අයවැය ඔස්සේ නව ලොව ආර්ථිකයකට පිවිසෙනවා.