බඳින තුවක්කුවක් පත්තු වී සිසුවා ට බරතළයි

බඳින තුවක්කුවක් පත්තු වී සිසුවා ට බරතළයි

November 9, 2022   12:07 pm

බඳින තුවක්කුවත් පත්තු වී හම්බන්තොට කටුවන සියාරපිටිය මහා විද්‍යාලයේ සිසුවෙකුගේ පාදයට බරපතළ තුවාල සිදුවී තිබේ.

පාසල ආසන්නයේ ඉඩමක බැඳ තිබූ තුවක්කුවක් පත්තු වී සිසුවා අනතුරට ලක්ව ඇති අතර ඉඩමේ හිමිකරු කටුවන පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

හම්බන්තොට කටුවන සියාරපිටිය මහා විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් පාසල් ක්‍රීඩාංගණයේදී යහළුවන් සමග ක්‍රිකට් ක්‍රීඩාකර තිබුණේ ඊයේ (08) පස්වරුවේය.

එලෙස ක්‍රිඩා කරමින් සිටිය දී පන්දුව ක්‍රීඩාංගණය පිටුපස ඇති ප්‍රධාන මාර්ගයට යාබද ඉඩමට යෑම හේතුවෙන් සිසුවා එය රැගෙන ඒමට එම ස්ථානයට ගොස් තිබුණි.

එහිදී, එම ඉඩමේ අටවා තිබූ බඳින තුවක්කුවක් පත්තු වී සිසුවාගේ දකුණ කකුලට තුවාල සිදුවී තිබේ.

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ සිසුවා අද (09) උදෑසන ශල්‍යකර්මයකටද ලක්කෙරුණි.