දිවියට සමුදුන් ගුවන් භටයා

දිවියට සමුදුන් ගුවන් භටයා

November 3, 2022   12:49 pm

මුලතිව් ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කළ ගුවන් හමුදා භටයෙකු සියදිවි හානිකරගෙන තිබේ.

ඊයේ (02) රාත්‍රී ගුවන් හමුදා කඳවුරේ දී තම රාජකාරී ගිනිඅවියෙන් වෙඩිතබාගෙන ඔහු සියදිවි හානිකරගෙන ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ඒකකය පැවසීය.

එලෙස මියගොස් ඇත්තේ, අලව්ව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 26 හැවිරිදි ගුවන් හමුදා භටයෙකි.

සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එම විමර්ශනයට අමතරව ගුවන් හමුදාව මගින් ද විමර්ශනයක් සිදුකරන බව ගුවන් හමුදා මාධ්‍ය ඒකකය පැවසීය.