සිම්බාබ්වේ කණ්ඩායමට ලැබුණු අභියෝගය

සිම්බාබ්වේ කණ්ඩායමට ලැබුණු අභියෝගය

October 21, 2022   03:06 pm

සිම්බාබ්වේ කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන 20/20 ලෝක කුසලාන පළමුවටයේ තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 132ක් ලබාගත්තේය.

ස්කොට්ලන්ත කණ්ඩායම වෙනුවෙන් ජෝර්ජ් මුන්සි ලකුණු 54ක් රැස්කළේය.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ටෙන්ඩායි චටාරා සිය පන්දු ඕවර 4 තුළදී ලකුණු 14කට කඩුලු 2ක් දවා ගත්තේය.

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබයි.