කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

October 9, 2022   03:39 pm

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණිවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.

ඒ අනුව ඌව, නැගෙනහිර, උතුර සහ උතුරුමැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු තද වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග එම ප්‍රදේශවලට තාවකාලික තද සුළං ඇති විය හැකිය.