දර්ශන්  ධර්මරාජ් දිවියෙන් සමුගනී

දර්ශන් ධර්මරාජ් දිවියෙන් සමුගනී

October 2, 2022   09:14 am

සම්මානලාභී ජනප්‍රිය රංගන ශිල්පි දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද (02) උදෑසන 6.30ට පමණ ඒ මහතා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන එන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
     
මියයන විට දර්ශන් ධර්මරාජ් මහතා 41 වැනි වියෙහි පසුවුණි.

සරෝජා, ප්‍රභාකරන්, මචං, මාතා සහ ඉනිඅවන් ඇතුළු චිත්‍රපට රැසකට රංගන දායකත්වය සැපයූ ඒ මහතා ටෙලිනාට්‍ය ගණනාවකටද රංගනයෙන් දායකත්වය වුණි.

මෑතකදී ඉතාමත් ජනප්‍රිය වූ සුනාමි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ පෙවූ දර්ශන් ධර්මරාජ් මහතා තව දින 05කින් තිරගත වීමට නියමිත ප්‍රාණ චිත්‍රපටයටද සිය රංගන දායකත්වය සපයා තිබේ.

දර්ශන් ධර්මරාජ් මහතා සිනමා උලෙළ කිහිපයකදීම සිය රංගන ප්‍රතිභාව වෙනුවෙන් හොඳම නළුවා සම්මානය  හිමිකරගත් අතර දෙරණ film awads සම්මාන උළෙලේදීද ඒ මහතා හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලැබීය.

කලාකරුවන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ඒ මහතාගේ දේහය හෙට (03) සුදර්ශි ශාලාවේ තැන්පත් කිරීමට සැලසුම් කර ඇති අතර අවසන් කටයුතු මෙතෙක් සැලසුම් කර නොමැත.