ෂකිරා වසර අටකට සිරගෙට ?

ෂකිරා වසර අටකට සිරගෙට ?

September 28, 2022   11:54 am

ලොව ප්‍රකට ගායිකාවක් වන ෂකිරා ට එරෙහිව ආදායම් බදු වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලකර තිබේ.

ස්පාඤ්ඤයේ අධිකරණයක් මගින් ඇයව අදාළ චෝදනාව සම්බන්ධයෙන් වගඋත්තරකාරියක් කර ඇති අතර එයින් කියවෙන්නේ ෂකිරා ඩොලර් මිලියන 14.31ක් ආදායම් බදු වශයෙන් ගෙවීම පැහැරහැර ඇති බවය.

කොලොම්බියානු ජාතිකයෙක් වන 45 හැවිරිදි ෂකිරා අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ අනුව ඇයට ඒ සම්බන්ධ නඩු විභාගයට මුහුණදීමට සිදුවෙයි.

එම චෝදනාවට වැරදිකාරිය වුවහොත් ඇයව වසර 08කට බන්ධනාගාර කිරීමට පවා අධිකරණයට හැකියාව පවතී.

අධිකරණයේ ගොනුකර ඇති චෝදනාවල සඳහන් වන්නේ ෂකිරා 2012 සහ 2014 අතර කාලයේදී අදාළ ආදායම් බදු ගෙවා නොමැති බවය.