ප්‍රවීණ රංගන ශිල්පී අනුර මැදගොඩ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී අනුර මැදගොඩ අභාවප්‍රාප්ත වෙයි

September 3, 2022   09:19 am

ප්‍රවීණ රංගන ශිල්පී අනුර මැදගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා ඊයේ (02) දිනයේ අභාවප්‍රාප්ත වී තිබේ.

චිත්‍රපට මෙන්ම ටෙලිනාට්‍යය රැසකට ද රංගනයෙන් දායක වු අනුර මැදගොඩ මහතා මියයන විට 74 වන වියේ පසු විය.

ඔහු මහනුවර ශාන්ත අන්තෝනි විදුහලේ ආදි සිසුවෙකි.