අකුණු සැර වැදී රෝහලක ගින්නක්

අකුණු සැර වැදී රෝහලක ගින්නක්

May 10, 2024   04:04 pm

අයහපත් කාලගුණය සහ අධික වර්ෂාවත් සමග හටගත් අකුණක් වැදී වලස්මුල්ල මූලික රෝහලේ විශේෂිත ප්‍රතිකාර ඒකකයේ ගින්නක් හට ගෙන තිබේ.

අද (10) පස්වරු 01.30ට පමණ අකුණු සැර වැදී ඇති අතර ඒ සමග එහි ගින්නක් ද හටගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

එම අවස්ථාවේ එම අංශයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකු කඩිනමින් ඉවතට ගෙන අවශ්‍ය ප්‍රතිකාර නිසි ලෙස ඉටු කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු තිබේ.

අකුණු සැර වැදීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුනොවුනත් එහි උපකරණවලට හානි සිදු වී ඇති බව වලස්මුල්ල මූලික රෝහලේ නිලධාරීන් පවසයි.

වලස්මුල්ල පොලීසිය, ලංකා විදුලිබල මණ්ඩලය සහ තංගල්ල නගර සභාවේ ගිනිනිවන ඒකකය රෝහල වෙත පැමිණ අකුණු සැර වැදීමෙන් ගට ගත් ගින්න නිවීමට කටයුතු කර ඇත.