ඩීසල් ලීටර් 1,000ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

ඩීසල් ලීටර් 1,000ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

August 21, 2022   11:35 am

නීතිවිරෝධී ලෙස ඩීසල් ලීටර් 1,000ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු හිනිදුම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

හිනිදුම පොලීසියට ලැබුණු තොරතුරක් මත හදිසි මාර්ග බාධක යොදා සිදුකළ වැටලීමකදී කැබ් රථයක් මඟින් ඉන්ධන ප්‍රවාහනය කරමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පැවසුවේය.

සැකකරු 31 හැවිරිදි පැලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු උඩුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.