චීනයේ ප්‍රකාශයට ඉන්දියාවෙන් පිළිතුරු

චීනයේ ප්‍රකාශයට ඉන්දියාවෙන් පිළිතුරු

August 18, 2022   04:13 pm

තම රට තදාසන්නයේ අසල්වාසී ප්‍රදේශවල සිදුවන දෑ සහ වර්ධනයන් තම රටේ ආරක්ෂාවට විශාල බලපෑමක් ඇතිකරන බැවින් ඒ පිළිබඳව නිසැකයෙන් උනන්දු වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් පවසයි.

නෞකාවෙන් කිසිදු තුන්වන රටකට බලපෑමක් ඇති නොවන බවත් ඊට බාධා නොකරන ලෙසත් චීන විදේශ අමාත්‍යංශය කළ ප්‍රකාශයට පිළිතුරු සපයමින් තායිලන්තයේ බැංකොක් නුවර පැවති ඉන්දු - තායිලන්ත ඒකාබද්ධ කොමිසමේ 9 වන සැසිවාරයේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්

''අප රට තදාසන්නයේ අසල්වාසී ප්‍රදේශවල සිදුවන දෑ සහ වර්ධනයන් අපේ රටේ ආරක්ෂාවට විශාල බලපෑමක් ඇතිකරන බැවින් අපි නිසැකයෙන්ම ඒ පිලිබඳ උනන්දු වනවා.''

''මට මතකයි අපගේ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා මීට පෙර ප්‍රකාශ කළා අපි නියත වශයෙන්ම එවැනි වර්ධනයන් පිලිබඳ අධීක්ෂණයෙන් පසුවන බව. ඒ පිලිබඳ ඇත්ත වශයෙන්ම අපි උනන්දුවෙන් සහ පරීක්ෂාවෙන් පසුවනවා.''