නීතිවිරෝධීව රට පටවන්න හැදූ අබලි කන්ටේනර් දෙකක් රේගු දැලේ

නීතිවිරෝධීව රට පටවන්න හැදූ අබලි කන්ටේනර් දෙකක් රේගු දැලේ

August 17, 2022   08:12 pm

නීතිවිරෝධී ලෙස මෙරටින් අපනයනය කිරීමට උත්සාහ කළ අබලි ලෝහ බහාලුම් දෙකක් රේගු භාරයට ගෙන තිබේ.

අදාළ බහාලුම් තුළ තිබී අබලි ඇලුමිනියම් කුට්ටි කිලෝග්‍රෑම් 14,070 ක්, අබලි තඹ කිලෝග්‍රෑම් 7,480 ක්, අබලි ඇලුමිනියම් කිලෝග්‍රෑම් 4,500 ක් සහ අබලි වානේ කිලෝග්‍රෑම් 6,780 ක් සොයාගෙන ඇත.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙලෙස සොයාගෙන ඇති අබලි ලෝහවල සමස්ත වටිනාකම රුපියල් මිලියන පහළොවකට අධික බවය.

අදාළ බහාලුම් කළගෙඩිහේන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් ඉන්දියාවට යැවීමට සැලසුම් කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඔහු සිලිකන් ආලේපිත විදුලි තහඩු කිලෝග්‍රෑම් 40,000ක් මෙම බහාලුම් තුළ අඩංගු බවට රේගු ප්‍රකාශනයේ සඳහන් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන්ගේ ප්‍රකාශ සටහන් කරගනිමින් පවතින අතර සැකකරුවන්ට එරෙහිව ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතව ඇත.