ජල බිලත් ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය

ජල බිලත් ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය

August 9, 2022   07:30 am

ජල ගාස්තුව ඉහළ දැමීම සඳහා වූ යෝජනාවට කැඩිනට් අනුමැතිය හිමිව තිබේ.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඊයේ (08) අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව ජල ගාස්තුවේ සිදුවන සංශෝධනයන් ඉදිරියේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

කෙසේවෙතත් වසර 10කින් පමණ ජල ගාස්තු සංශෝධනයක් සිදුව නොමැති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.

මේ අතර, විදුලි ගාස්තු සංශෝධනය අද (09) දිනයේ ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට අවසන් එකඟතාවකට පැමිණ ඇති බවය.

මෙහිදී විදුලි ගාස්තුවෙහි ඉහළ යාමක් සිදුවන අතර අඩු ආදායම්ලාභීන් සඳහා විදුලි බිලට සහනයක් ලබාදීමට ද සැලසුම් කර තිබේ.