QR ක්‍රමයේ දෙවන කෝටාව ඇරඹේ

QR ක්‍රමයේ දෙවන කෝටාව ඇරඹේ

August 8, 2022   07:52 am

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාගැනීමේ දෙවන කෝටාව ඊයේ (07) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කෙරුණි.

සෑම සතියකම ඉරිදා මධ්‍යම රාත්‍රීයේ මෙය යාවත්කාලීන කෙරෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

ඒ අනුව පසුගිය සතියේ ඉන්ධන ලබාගත් ආකාරයට යතුරු පැදි, ත්‍රිරෝද රථ ඇතුළු සියලු වාහන සඳහා ඉන්ධන ලබාදීම සිදුකෙරේ.

ප්‍රමාණවත් පරිදි ඉන්ධන පවතින බැවින් පොලිම්වල නොසිට ඉන්ධන ලබාගැනීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා සියලු පාරිභෝගික ජනතාවට දැනුම්දෙයි.

මේ අතර ට්ව්ටර් පණිවුඩක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ, QR ක්‍රමවේදය යටතේ පසුගිය සතියේ ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙල අතිශයින්ම සාර්ථක බවය.

මේ සඳහා සහාය ලබාදුන් සියලු පාර්ශවයන්ට තමන් ස්තූතිය පළ කරන බවද ඔහු සිය ට්ව්ටර් පණිවුඩය මඟින් සඳහන් කර තිබේ.