ලිට්‍රෝ ලොකු වැඩකට අත ගසයි

ලිට්‍රෝ ලොකු වැඩකට අත ගසයි

May 7, 2024   01:14 pm

කඩුවෙල මාබිම ප්‍රදේශයේදී හෙට (08) නව ගෑස් පිරවුම් පර්යන්තයක් විවෘත කරන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා,

"නව පිරවුම් පර්යන්තයක් හෙට විවෘත කරනවා. ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට. කෙරවලපිටිය පර්යන්තය ප්‍රමාණවත් නැහැ. දිනකට සිලින්ඩර් 60,000ක් නිකුත් කරනවා. දෙසැම්බර් සිට සතියට දවස් 2ක්. පෙබරවාරි, මාර්තු, අප්‍රේල් වනවිට කෙරවලපිටිය හා මාබිම පර්යන්ත දෙකම වැඩ. කෙරලවලපිටිය නවත්වන්න ඕන වුණොත්. මාබිම සිට කාර්යක්ෂවම ගෑස් බෙදාහරින්න පුළුවන්."

ප්‍රශ්නය - ඔබතුමාලා මේ විදිහට ආයෝජනය කරලා මේ ව්‍යාපාරය පුළුල් කරනකොට විපක්ෂය චෝදනා කරනවා මේක විකුණන්න යනවා කියලා?

"අපේ ඍජු දායකත්වයක් නැහැ. වගකීම් පැවරුණු කමිටුවක් ඉන්නවා. ඒ අයගෙන් අහන එක තමයි සුදුසු උත්තරයක් දෙන්න අපිට දන්නේ නැහැ."