ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද

June 29, 2022   07:00 am

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) ආරම්භවීමට නියමිතව තිබේ.

තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේදී අද පෙරවරු 10.00 ආරම්භවීමට නියමිතය.

එම තරගය ඇරඹීමට පෙර දිවියෙන් සමුගත් ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකට් තරුවක් වන ශේන් වෝන් අනුස්මරණ සඳහා කටයුතු සම්පාදනය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

මේ අතර මෙම තරගාවලිය වොන්-මුරලි කුසලානය ලෙස නම්කර ඇත.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පැට් කමින්ස් විසින් මෙහෙයෙවනු ලබන අතර ශ්‍රී ලංකා කණ්ඩායම දිමුත් කරුණාරත්න විසින් මෙහෙයවනු ලබයි.