ලංකා IOC පෙට්‍රල් නිකුත් කිරීම සීමාකරයි

ලංකා IOC පෙට්‍රල් නිකුත් කිරීම සීමාකරයි

June 28, 2022   10:01 pm

වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම සිය ඉන්ධන පිරවුම්හල් මගින් පෙට්‍රල් නිකුත් කිරීම සීමාකිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ලංකා IOC සමාගමේ පිරවුම්හල්වලින් යතුරුපැදි සඳහා පෙට්‍රල් නිකුත් කෙරෙන්නේ උපරිම රුපියල් 1,500ක මුදලක් දක්වා පමණි.

ත්‍රීරෝද රථ සඳහා උපරිම ඉන්ධන ලබාදීම රුපියල් 2500කට සීමාකර තිබේ.

මෝටර් රථ සඳහා රුපියල් 7,000ක උපරිමයකට යටත්ව පෙට්‍රල් නිකුත් කිරීම සිදුකරන බව ලංකා IOC සමාගම පවසයි.