මහේල තැබූ ට්විටර් සටහන

මහේල තැබූ ට්විටර් සටහන

May 7, 2022   01:15 pm

නියෝජ්‍ය කථානායක ධුරය සම්බන්ධයෙක් සිය කනස්සල්ල ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා විසින් ට්විටර් පණිවුඩයක් පළකර තිබේ.

ඔහු පවස්නේ, රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුවේ මෙලෙස නියෝජ්‍ය කථානායකවරයෙක් සහ දෙවරක් ඉල්ලා අස්වීම රටේ මුදල් සහ කාලය නාස්ති කිරීමක් බවය.

මෙවැනි තත්ත්වයක් පවතින්නේ නම් පාර්ලිමේන්තුවේ සිටින සියලුමදෙනා ඉල්ලා අස්වී නිවසට වී සිටින ලෙසට සිය ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් පවසා තිබේ.

"මෙය විහිළුවක් ද? රටේ පවතින අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ, කාලය මුදල් නාස්ති කරමින් මෙම පත්වීම සිදුකළේ මේ මොහොතේ සිදුකළ යුතු වැදගත්ම කරුණක් ලෙසයි. ඔහු නැවතත් ඉල්ලා අස්වෙලා. කරුණාකර පාර්ලිමේන්තුවේ සිටින සියලුදෙනාම ඉල්ලා අස්වී ගෙදරට වී සිටින්න." යනුවෙන් එම සටහන තබා තිබුණි.