සමාජ මාධ්‍ය කැලඹු දරුවා - සැකකරු ට ඇප

සමාජ මාධ්‍ය කැලඹු දරුවා - සැකකරු ට ඇප

June 11, 2021   04:00 pm

වයස අවුරුදු 4 ක දරුවෙකුට මත්පැන් පොවා එය සමාජ මාධ්‍යවල පළ කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

පෑලියගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් එම තරුණයා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා හමුවට ඉදිරිපත් කර තිබේ.

පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, එම සැකකරු සිව් හැවිරිදි දරුවෙකුට මත්පැන් පොවා එය වීඩියෝගත කර සමාජ ජාලවල පළකර ඇති බවය.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව සඳහන් කළ පොලීසිය අදාළ දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඉදිරිපත් කර එම දරුවාගේ මානසික තත්ත්වය පිළිබඳ වාර්තාව කැඳවීමට තීරණය කර ඇති බවත් එම වාර්තාව ලැබීමෙන් පසුව අදාළ දරුවා කිසියම් අපයෝජනයකට ලක් වී තිබේ ද? යන්න පිළිබඳ තොරතුරු හෙළි කර ගත හැකි බවත් අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

පැමිණිල්ල ඔක්තෝම්බර් මස 11 වනදා කැඳවීමට ද මහෙස්ත්‍රාත්වරයා නියම කර තිබේ.