පාලනයෙන් මිදුණු චීන රොකට්ටුවක කොටසක් පෘථිවියට වැටේ ?
සයුරෙන් එතෙර

පාලනයෙන් මිදුණු චීන රොකට්ටුවක කොටසක් පෘථිවියට වැටේ ?

May 8, 2021   02:38 pm

චීනය විසින් සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පියාසර‍ කරවූ රොකට්ටුවක් පසුව ඔවුන්ගේ පාලනයෙන් ගිලිහී තිබූ අතර අද (08) එහි කොටසක් පෘථිවියට වැටීමක් සිදුවිය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ චීනය අභ්‍යවකාශ මධ්‍යස්ථානය තැනීම සඳහා අවශ්‍ය උපකරණ රැගෙන ගිය රොකට්ටුවක කොටසක් මෙලෙස පෘථිවියට කඩා වැටීමට ඇති බවය.

පසුගිය අප්‍රේල් මස 29 වන දින අදාළ රොකට්ටුව චීනය විසින් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත මුදාහැර තිබුණි.

මීට පෙර ද චීනය විසින් යැවු මෙවැනිම ආකාරයේ රොකට්ටුවක් කොස්ටරිකා රාජ්‍යයට කඩා වැටීම හේතුවෙන් නිවාස කිහිපයකට හානි සිදුවුණි.

මෑත කාලයේ අභ්‍යවකාශයේ සිට පෘථිවියට පතිත වන විශාලතම සුන්බුන් කැබැල්ල මෙය වන අතර එය නිශ්චිතව පතිත වන ප්‍රදේශය පිළිබඳව අනාවරණය කළ නොහැකි බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.