ඉරානය භාරයේ සිටි ඉන්දියානුවන් මුදා හරී
සයුරෙන් එතෙර

ඉරානය භාරයේ සිටි ඉන්දියානුවන් මුදා හරී

May 4, 2024   01:52 pm

ඉරානය විසින් ඉකුත්දා අත්අඩංගුවට ගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ සිටි ඉන්දියානු කාර්යමණ්ඩල සාමාජිකයින් සියලුදෙනා මුදාහැර තිබේ.

ඊශ්‍රායලය බලා යාත්‍රා කරමින් තිබූ මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ කාර්යමණ්ඩලය 25 දෙනෙකු සමග ඉකුත් අප්‍රේල් 13 වනදා ඉරානය භාරයට ගෙන තිබුණි.

එම කාර්යමණ්ඩලය අතර සිටි 17 දෙනෙකු ඉන්දියානුවන් විය.

කෙසේවෙතත් නෞකාව නිදහස් කිරීම අධිකරණ ක්‍රියාමාර්ගයකින් අනතුරුව සිදු කෙරෙන බව ඉරානය පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.