අක්ෂි රෝහලේ සායන සඳහා දින වෙන්කර ගැනීමට විශේෂ දුරකථන සේවාවක්
May 4, 2021 03:13 pm
ජාතික අක්ෂි රෝහල මගින් අක්ෂි සායන සඳහා විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ.
කොවිඩ් -19 වෛරස ප්‍රභේදය මේ වනවිට ඉතා අවදානම්කාරි ලෙස පැතිරයන හෙයින් වෛරසය ව්‍යාප්තිය පාලනය කර ගනිමින් සායන රෝගීන් හට ප්‍රතිකාර හා සේවාවන් ලබාදීම සඳහා එම දුරකථන අංක හඳුන්වා දී ඇත.
ඒ අනුව අදාළ සායන දිනයන්හිදී පමණක් එම දුරකථන අංක අමතා දිනයක් හා වේලාවක් වෙන් කරවාගෙන පැමිණීම අනිවාර්ය බව දැනුම් දෙයි.
මෙමගින් රෝගීන් රැඳී සිටීමේ කාලය අවම කරමින් රෝහල් පරිශ්‍රය තුළ වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම මුලික අරමුණ බව ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය, ඩබ්ලිව්. එල්. එල් යූ. සී කුමාරතිලක මහත්මිය සඳහන් කළාය.
ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන සඳහා වන විශේෂ දුරකථන සේවා පිළිබඳ විස්තර පහතින්,