පශු වෛද්‍යවරයාට පහරදෙන මැරයන් - CCTV දර්ශන සහිතයි

පශු වෛද්‍යවරයාට පහරදෙන මැරයන් - CCTV දර්ශන සහිතයි

January 5, 2021   04:42 pm

පශු වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට බලහත්කාරයෙක් ඇතුළු වූ පිරිසක් එහි සිටි වෛද්‍යවරයාට සහ ඔහුගේ සහයකයාට අමානුෂික ලෙස පහර දෙන අයුරු එහි සවිකර තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණි.

අතුරුගිරිය නගරයේ පිහිටි පශු වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී මෙම සිද්ධිය ඇතිවී තිබුණි.

තුවාල ලැබූ පශු වෛද්‍යවරයා සහ සහයකයා අතුරුගිරිය ඔරුවල රෝහලට ඇතුළත් කර ඇති අතර පහරදීමේ සිද්ධියට සම්බන්ධ 4 දෙනෙකු අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සිව්දෙනාම අතුරුගිරිය නගරයේ ව්‍යාපාරිකයින් බවද අනාවරණය වී තිබේ.

අතුරුගිරිය නගරයේ වෙළෙඳසැළක් ඉදිරිපිට වාහනයක් ගාල් කිරීමට යෑමේදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදුවී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුවන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව අතුරුගිරිය පොලීසිය පවසයි.