මහර ගැටුම - විමර්ශනයේ අතුරු වාර්තාව අධිකරණ ඇමතිට

මහර ගැටුම - විමර්ශනයේ අතුරු වාර්තාව අධිකරණ ඇමතිට

December 7, 2020   05:06 pm

මහර බන්ධනාගාර සිද්ධියට අදාළ විමර්ශනයේ අතුරු වාර්තාව අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා වෙත භාර දී තිබේ.
 
අද (07) පස්වරු 3.00 අදාළ අතුරු වාර්තාව අධිකරණ අමාත්‍යාංශයේදී අලි සබ්රි මහතා වෙත භාර දී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරිවරයෙකුගේ මෙහෙයවීම යටතේ මෙම විමර්ශන කටයුතු සඳහා පොලිස් නිලධාරින් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පත්කර තිබුණි.

මහර බන්ධනාගාරයේ පසුගියදා ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් එම කමිටුව පත්කෙරුණි.

ඔවුන් ඉකුත් 03 වනදා පළමුවරට මහර බන්ධනාගාර පරිශ්‍රයට ගොස් සාක්ෂි සටහන් කරගැනීම ඇරඹීය.