මත්ද්‍රව්‍ය කිලෝ 200ක් සොයාගනී

මත්ද්‍රව්‍ය කිලෝ 200ක් සොයාගනී

December 6, 2020   11:00 am

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝගෑම් 100ක් සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

මාරවිල, තොඩුවාව ප්‍රදේශයේදී සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ මෝටර් රථ දෙකක්, වෑන් රථයක් සහ ලොරි රථයක් ද සුරාබදු නිලධාරීන් භාරයට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු අධිකාරි කපිල කුමාරසිංහ මහතා පැවසීය.