ලස්සන වෙන දෙරණට ශක්තිය දෙන දෙරණ

ලස්සන වෙන දෙරණට ශක්තිය දෙන දෙරණ

December 3, 2019   07:08 pm

කලකට පෙර දැන්වීම්වලින් වැසී ගිය නගරබද තාප්ප සහ පොදුස්ථාන ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ තරුණ තරුණියන්ගේ සංකල්පයක් මත සිතුවම්වලින් අලංකාර වන අයුරු අප ඊයේ අනාවරණ කළේය.

ඔවුන්ට අත්වැලක් වන්නට දෙරණ ඉදිරිපත්වීමෙන් පසු අද දිනයේ තවත් ප්‍රෙද්ශ රැසක ස්ථාන සිතුවම්වලින් අලංකාරවීමට පටන් ගැනුණි.  

දිවයිනේ පළාත් රැසක විවිධ ස්ථාන සිතුවම්වලින් අලංකාර කිරීමට තරුණ තරුණියන් එක්ව තිබුණේ සාමාජ මාධ්‍ය ඔස්සේයි.

එලෙස එක් වු තරුණ තරුණියන් ගුවන් පාලම් බඳෙහි, මග දෙපස තාප්ප එලෙස සිතුවම්වලින් අලංකාර තිබෙන ආකාරය අප ඊයේ වාර්තා කළේ ඔවුන් තවදුරටත් ඒ සඳහා අභිප්‍රේරණය කිරීමේ අරමුණින්.

ඒ අනුව මෙලෙස සිතුවම්කරණයේ නිරත වන විශාල පිරිසක් අපව ඇමතුවා.

වත්තල ප්‍රෙද්ශයේ ස්ථාන රැසක්ද අද සිට සිතුවමින් අලංකාර කිරීමට සූදානම් වන අයුරුද අපට දැකගතහැකි විය.

දිවයිනේ තවත් ස්ථාන රැසක් සිතුවම් වලින් අලංකාර වෙමින් තිබුණේ මෙසේයි.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් තරුණ තරුණියන්ගේ මෙම කර්තව්‍යය අගය කර තිබුණි.

එහි සඳහන් වුයේ තරුණ පරපුරේ සුබවාදි ආකල්ප, කණ්ඩායම් හැඟීම සහ නායකත්වය රටේ වටපිටාව පමණක් නොව අනාගතයද වෙනස් කරන්නට පදනම දමමින් සිටින බවයි.

මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද දෙරණට සඳහන් කළේ මෙලෙස සිතුවම්කරණයේ නිරතවන අය සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදිමට තමා සුදානම් බවයි.