ඉන්දීය සංචාරය නිමා කරමින් ජනපති යළි දිවයිනට

ඉන්දීය සංචාරය නිමා කරමින් ජනපති යළි දිවයිනට

November 30, 2019   10:30 pm

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දෙදින ඉන්දීය නිල සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ ඇත.

ඒ මහතා සමඟ දූත පිරිස අද දින රාත්‍රී 9.45 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

සාමාන්‍ය මගී පර්යන්තයෙන් ජනාධිපතිවරයා දිවයිනට පැමිණි බවයි ඔහු පිළිගැනීම සදහා ගුවන්තොටුපල පරිශ්‍රය වෙත ගොස් සිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ