කේරල ගංජා කිලෝ 80ක් නාවික හමුදා බාරයට

කේරල ගංජා කිලෝ 80ක් නාවික හමුදා බාරයට

November 28, 2019   11:16 am

නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම ප්‍රදීපාගරයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයක් අතරතුරදී කිලෝග්‍රෑම් 80 කට ආසන්න කේරල ගංජා තොගයක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

නාවික හමුදාව විසින් ‍තලෙයිමන්නාරම ප්‍රදීපාගරයට ඔබ්බෙන් වු  මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර ඇති අතර, ඉදිරි විමර්ශන කටයුතු සඳහා එම යාත්‍රාව සහ එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

පසුව මෙම මුහුදු සීමාවේ සිදුකල වැඩිදුර සෝදිසි කිරීම්වලදී මුහුදේ පාවෙමින් තිබූ සැක කටයුතු පාර්සල් හතරක් නාවික හමුදාව විසින් නිරීක්‍ෂණය කර ඇති අතර, එම පාර්සල් පරීක්‍ෂාවට ලක් කිරීමේදී එහි අසුරා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 80 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇත.

මෙලෙස, නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 36 ක් සහ 39 ක් වන පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින්, කේරළ ගංජා ප්‍රමාණය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ් පොලිසිය වෙත භාර දී ඇත. 

කෙසේ නමුත් සොයාගත් කේරල ගංජා තොගය සහ නාවික හමුදා බාරයට ගත් සැකකරුවන් අතර යම් සම්බන්ධතාවයක් තිබේදැයි සොයා බැලීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකෙරේ.