පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී බදු සහන රැසක්

පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී බදු සහන රැසක්

November 27, 2019   07:15 pm

සියයට 15 ක්ව පැවති වැට් බද්ද සියයට 8 දක්වා අඩු කිරීමටත් , තවත් බදු රැසක් අහෝසි කිරීමටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති  පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.

ඒ අනුව වැට් බද්ද අඩුකිරීම එළැඹෙන දෙසැම්බර් පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන අතර , අනෙකුත් බදු සංශෝධන වහාම ක්‍රියාත්මක වන පරිදි බලාත්මක වන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ඔහු අද (27) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් පැවසුවේ ආණ්ඩුව සහන පැකේජයක් ජනතාව වෙත ගෙන ඒමට කටයුතු කර ඇති බවයි.