රනිල්-සජිත් සාකච්ඡාවේ ප්‍රතිඵලය එජාපෙට කිව්වේ නෑ-හකීම්

රනිල්-සජිත් සාකච්ඡාවේ ප්‍රතිඵලය එජාපෙට කිව්වේ නෑ-හකීම්

September 11, 2019   12:31 pm

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර පැවති සාකච්ඡාවේ ප්‍රතිඵල පිළිබදව එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සුළු පක්ෂ මෙතෙක් දැනුවත් කර නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි

එම පක්ෂයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයට ජයග්‍රහණය කල හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතුය යන මතයේ සිය පක්ෂය සිටින බවයි. 

සුළු පක්ෂවල නායකයින් එකතුව සාකච්ඡා කර ගන්නා තීරණය , එක්සත් ජාතික පෙරමුණේ හමුවක් නැවත කැදවු අවස්ථාවකදි ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. 

නිල වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ තීරණය දැනුම් දුන් විට ඒ සම්බන්ධයෙන්ද පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කරන බවද අමාත්‍යවරයා පවසයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණය ජයග්‍රාහනය කිරීමට හැකි කෙනෙකු මැතිවරණය ඉදිරිපත් කර යුතුය යන්න යෝජනා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.