කංජිපානි ඉම්රාන්ට වසර 6ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

කංජිපානි ඉම්රාන්ට වසර 6ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

August 23, 2019   11:35 am

ගංජා කිලෝග්‍රෑම් 05යි ග්‍රැම් 300ක් සන්තකය තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනාවලට වරදකරු කෙරුණු පාතාල කල්ලි නායකයෙකු බව කියන කංජිපානි ඉම්රාන් නැමැත්තාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හයක සිර දඬුවම් නියම කළේය.

මෙම නඩුව අද(23) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර කංජිපානි ඉම්රාන් එම චෝදනාවලට වරද පිළිගන්නා බව ප්‍රකාශ කළේය.

ඒ අනුව ගංජා සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා දෙකට වසර තුනක් බැගින් වසර හයක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරන බව විනිසුරුවරයා නියම කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

2018 වසරේ සැප්තැම්බර් මස 13 වනදා මාලිගාවත්ත ප්‍රදේශයේ දී ගංජා කිලෝ ග්‍රෑම් 5යි ග්‍රෑම් 300ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් කන්ජිපානි ඉම්රාන් ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.