උකුසු ඇසට හසු වූ ජපාන රැකියා ජාවාරමක්

උකුසු ඇසට හසු වූ ජපාන රැකියා ජාවාරමක්

August 7, 2019   08:53 pm

උකුස්සා පසුගියදා තිස්සමහාරාමයට යන්නේ, නීති විරෝධී රැකියා ඒජන්සියක් පිළිබඳ ලැබුණු තොරතුරුවලට අනුවයි.

මෙය පවත්වාගෙන යන්නේ, යෝධකණ්ඩිය ප්‍රදේශයේයි.

ජපන් රැකියා ලබාදෙන බවට පවසමින් අදාළ ඒජන්සියේ හිමිකරුවන් ජපන් භාෂාව පිළිබඳ පංති පවත්වනු ලබයි.

විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් බව පවසමින් පැමිණි පුද්ගලයෙකු විසින් එම පන්තිය සිත්ගන්නා අයුරින් මෙහෙයවනු ලැබුවේ මේ ආකාරයෙන්ය.

පන්තිය පවත්වන පුද්ගලයා - “දැන ඕගොල්ලන්ට රැකියා 270ක් අපි අතේ තියාගෙන ඉන්නවා. අපිට දාන්න මිනිස්සු නැතුව. හැබැයි ඒකට දැන් මෙහෙ ඉන්න විදිහට නිකන් කොන්ඩේ දාලා එහෙම බෑ. කියුටෙක්ස් ගාලා, ලිප්ස්ටික් ගාලා ලස්සනට ඉන්න ඕනේ. ජපානයේ ඕගොල්ලන්ගේ තරුණ කාලේ අවුරුදු දහඅටේ විස්සේ අයට වඩා අර අවුරුදු හැත්තෑවේ අසූවේ ආච්චි අම්මල මේකප් කරනවා. ඕගොල්ලන්ට දෙලක්ෂ පනස් දාහයි පඩිය. ඇග්රිමන්ට් එක ආවාට පස්සේ අපි ඕගොල්ලන්ව යොමුකරනවා විදේශ සේවා නියුක්ති කාර්යංශයට. ඇග්රිමන්ට් එකයි වීසා එකයි ඉදිරිපත් කළාට පස්සේ ඕගොල්ලන්ට හදනවා ටැක්ස් එකක් රු. ලක්ෂ 08ක.“

මෙම පන්තිය පවත්වාගෙන යන කාන්තාවගෙන් අප ජපන් රැකියා පිළිබද විමසීමක් කළේය.

උකුස්සා - “මොනවගේ ජොබ්ද දන්නේ නෑ සෙට් වෙන්නේ. කොම්පැනිවලට දාන්නේ වාහන කොම්පැනි , බයික් කොම්පැනි“

උකුස්සා - පඩිය කොහොමද දන්නේ නෑ?

පන්තිය පවත්වාගෙන යන කාන්තාව - පඩිය ලක්ෂ 04යි. ටික ටික වැඩිවෙනවා. ඒ කියන්නේ පැය අටකට තමයි 

ඉන්පසු  පිටතට පැමිණ ඇය පැවසුවේ ලක්ෂ විස්සක් පමණ වියදම් කළ හැකිනම් පහසුවෙන් ජපානයට යා හැකි බවයි.

උකුස්සා - විභාගය නොලියා යන්න ක්‍රමයක් නැද්ද?

පන්තිය පවත්වාගෙන යන කාන්තාව - ලක්ෂ විස්සක් පහලොවක් ගෙවලා එහෙම යවන්නේ කොහොමහරි කෝස් එක කරවලා. එතකොට ඒගොල්ලෝ ඉක්මනට යවනවා. තියාගන්නේ නෑ.  කොම්පැනි හොඳ ඒවට දානවා. ඒවා සර්මයි එක්කන් යන්නේ.

මොවුන් සූදානම් වන්නේ ජපන් රැකියා දෙන බවට පවසමින් මෙරට තරුණ තරුණියන් මං මුලා කිරීමට නොවේ ද?

බලධරයිනි, මෙවැනි  පුද්ගලයින් නීතියේ රැහැනට හසුකරගැනීම ඔබලාගේ වගකීමක් නොවන්නේ ද ?