ත්‍රස්තවාදය නවත්වන්න දැනට පවතින නීති ප්‍රමාණවත් මදී-අගමැති

ත්‍රස්තවාදය නවත්වන්න දැනට පවතින නීති ප්‍රමාණවත් මදී-අගමැති

July 21, 2019   08:17 pm

දැනට පවතින නීති ප්‍රමාණවත් නොවන බැවින් ත්‍රස්තවාදය යළි මෙරට තුළ ඇති නොවීම සඳහා අවශ්‍ය නව නීති ඉදිරියේදී ගෙන ඒමට  අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මාතර අද (21) පස්වරුවේ පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

97 වන ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේ පැවැත් විය.

එහිද අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා පැරවසුවේ LTTE ත්‍රස්තයන්ට මුහුණ දුන් ආකාරයට ISIS ත්‍රස්තයන් පරාජය ක ලනොහැකි බවයි.

වර්තමානයේ තිබෙන නීති ප්‍රමාණවත් බව පැවසුවද මෙවැනි ත්‍රස්තවාදයක් හමුවේ නව නීතිවල අවශ්‍යතාවක් පවතින බවද අග්‍රමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.