නියඟයෙන් පුත්තලමේ වැව් අඩක්ම සිඳී ගිහින්

නියඟයෙන් පුත්තලමේ වැව් අඩක්ම සිඳී ගිහින්

July 21, 2019   06:22 pm

පුත්තලම දිස්ත්‍රික්කයට මේ වන විට බලපා ඇති නියං තත්ත්වය හේතුවෙන් වැව් පද්ධතියෙන් අඩක්ම සිදි ගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

නියමිත ලෙස වර්ෂාව නොලැබිම නිසා පුත්තලම දිස්ත්‍රික්කයට අයත් වැව් 1207 ක සංඛ්‍යාවෙන් 550 කට වැඩි ප්‍රමානයක් සම්පුර්ණයෙන් සිදි ගොස් ඇති බව වර්තා විය.

මෙලෙස සිදි ගිය වැව් වලින් 400 කට වැඩි ප්‍රමානයක් ආණමඩුව මැතිවර්ණ කොඨඨාශයට අයත් වැව් බව තොරතුරු ලැබි ඇත.

වැව් සිඳි යාමේන් වගා කර තිබු වි ගොවිතැනින් අක්කර 10,000 කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇති බවට මේ වන විට තොරතුරු ලැබී ඇති බව පුත්තලම ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුව සනාථ කර තිබේ.

ෙවැව් පද්ධතියට අයත් 1207 සංඛ්‍යාවෙන් 550 වැඩි වැව් සිදි ගොස් ඇති බවත් ඒ සමගම සියයට 75 ක ජල මට්ටමක් ඇති වැව් 29 ක් බවද එසේම සියයට 50 ක ජලය ඇති වැව් 14 ක් ලෙසද එයට අමතරව සියයට 25 ක ජල මට්ටක් ඇති වැව් 142ක් බවටද එසේම සුළුම ජල මට්ටමක් ඇති වැව් සංඛ්‍යාව 254 ක් බවටද හදුනාගෙන ඇති බව පුත්තලම දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුවේ වාර්ථා වලින් සනාථ වි තිබේ.

 ඒ සමගම නියගය නිසා කුඩා අමුණු පද්ධතියෙන් 28 ක්ම සිදි ගොස් ඇති බවද පැවසෙයි.

 වැව් වල ජලය සිදි යාමත් සමග වන සතුන් ගම්මාන කරා පැමිනිමට පටන් ගෙන ඇති බව ජනතාව පවසයි.

 එයට අමතරව ගෘහස්තව ඇති කරන සතුන්ටද ජලය සපයා ගැනිමට ගැටළු මතුව ඇති බව ගොවිපල හිමිකරුවන් කියයි.

 කුඹුරු වලට ජලය නොමැතිවිම නිසා මේ වන විට තමන් දැඩි අසරණතාවයන්ට පත්ව ඇති බවට ගොවින් පවසති .

ඒ පිළිබදව අදහස් දක්වමින් සිටි කොට්ටුකච්චිය බෝගහයාය පදිංචි අශෝක කරුණානායක මහතා පවසා සිටියේ මෙවැන්නකී.

 “ මේ පාර නියං තත්වය දරුණු වෙලා අපි අසරණ කරලා තිබෙන්නේ පුදුම විදිහට . කොට්ටුකච්චිය කෙමන් වැටිය පැරකුම් ගොවි සංවිධානයට අයත් කොටසේ අපි වගා කරපු අක්කර 1000 විතර ජලය සපයා ගන්න ක්‍රම වේදයක් නොමැතිව වි ගොවිතැන තැනින් තැන මැරි යනවා . 

වෙනදා අපිට ඉගිනිමිටිය  ජලාශයෙන් ඌරියාවේ කුඹුරු වලට ලබා දුන්න වෙල් පහු ජලයෙන් තමා මේ යායම වගා කලේ මේ පාර පවතින නියං තත්වය නිසා ඒ ජලය ලැබිම නැවති යාමේන් මේ තත්වය උදා වෙලා . 

අනික අපිට තවත් ජලය ලබා ගත්ත වැව් දෙකකම ජල මට්ටම පහත වැටිලා ඒ නිසා වගාකරුවන්ට ජලය සපයා ගන්න විදිහක් නැහැ . කුඩා අමුණු වලට අත් ට්‍රැක්ටර් පොම්ප දාලා මේ වන විට තිබේන ජලය ලබා ගනිමින් තිබේන්නේ යැයි ඔහු පැවසිය .

 මේ පිළිබදව පුත්තලම දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් ඒ.එස්.එස්. සේනාධීර මහතාගෙන් කළ විමසිමේදි පවසා සිටියේ මෙවැන්නකී.

“ මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයට නියගය දරුණු වෙලා තිබෙනවා. ඇත්තටම අපේ වැව් පද්ධතියෙන් සියයට පනහක් විතර සිදි ගිහින්. 

ඒ නිසා විශාල වගාවන් රැසක් විනාශ වෙලා තිබෙනවා . මේ නිසා වගාවන් විනාශ වු ගොවින්ට වන්දි ලබා දෙන්න මේ වන විට අපේ නිළධාරින් තොරතුරු ලබා ගනිමින් සිටින්නේ .අපි පුළුවන් තරම් ගොවින් වෙනුවෙන් සහන ලබා දෙන්න කටයුතු කරනවා යැයි ඔහු පැවසිය .