තව්හීද් ජමාත් සංවිධානයේ සැකකරු බේරන්න පොලීසියට අල්ලස් දුන් පුද්ගලයා යළි රිමාන්ඩ්

තව්හීද් ජමාත් සංවිධානයේ සැකකරු බේරන්න පොලීසියට අල්ලස් දුන් පුද්ගලයා යළි රිමාන්ඩ්

June 4, 2019   01:51 pm

අත්අඩංගුවේ පසුවන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු මුදාගැනීම සඳහා හොරොව්පතාන පොලීසියේ ස්ථානාධිපතිවරයාට රුපියල් දෙලක්ෂ පණස් දහසක අල්ලසක් ලබා දීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා තවදුරටත් ලබන 11 වනදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම සැකකරු අද(04) බන්ධනාගාරය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියට පමුණුවනු ලැබුවේය.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

ඒ අනුව සැකකරු තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කරන මෙන් ද අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 11 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තැබීමට නියම කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද අල්ලස් කොමිසමට නියම කළේය.