ටොම් ලේතම්ට ලෝක කුසලානයේ  පළමු තරගය අහිමිවෙයි?

ටොම් ලේතම්ට ලෝක කුසලානයේ  පළමු තරගය අහිමිවෙයි?

May 19, 2019   04:06 pm

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම සහභාගීවන පළමු තරගය සඳහා කඩුලු රකින ක්‍රීඩක ටොම් ලේතම්  ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බව වාර්තා වෙයි.

ඒ ඔහු ආබාධයකට ලක් වීම හේතුවෙන්ය.

27 හැවිරිදි ටොම් ලේතම් ඔස්ට්‍රේලියාව සමඟ පැවති පුහුණු සැසියක් අතරතුරදී ආබාධයකට ලක්ව තිබේ.

කඩුලු රකිමින් සිටියදී ඔහුගේ ඇඟිල්ලක් මෙලෙස ආබාධයකට ලක් වු බව වාර්තා වෙයි.

ඒ අනුව වෛද්‍යවරුන් සඳහන් කර තිබෙන්නේ ටොම් ලේතම් මේ වන විට සුවය ලබමින් සිටින බවත් ඔහු පූර්ණ සුවය ලබන තෙක් පෙර පුහුණුවීම් තරග සහ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත පළමු තරගයට සහභාගී වීම අවිනිශ්චිත බවයි.

කෙසේ වෙතත් නවසීලන්ත තේරීම් කමිටු සාමාජික ගැවින් ලාර්සන් සඳහන් කළේ සෙයිෆර්ට් හා ටෙස්ට් කඩුලු රකින ක්‍රීඩක බී. ජේ වොට්ලින් ද අතිරේක කඩුලු රකින්නන් ලෙස සංචිතයේ සිටියත් ඔවුන් නවසීලන්ත කණ්ඩායම සමඟ එළඹෙන ඉරිදා එංගලන්තය කරා පිටව නොයන බවයි.