වෙසක් කූඩු හදන කතුන්

වෙසක් කූඩු හදන කතුන්

May 16, 2019   04:43 pm

සම්බුදු තෙමගුල සැමරීම සඳහා රටම සූදානම් වෙද්දී බොහෝ බොදු දනගේ  නිවසේ වෙසක් කූඩුවක් තනා ගැනීමට කාලය හරස් වී ඇති අයට වෙසක් කූඩු තනා අලෙවි කිරීම මේ දිනවල දිවයින පුරා දැකගත හැකි වී තිබේ.

පෙරදා නිවෙස්වල තැනු වෙසක් කූඩුව අද විදේශීය රටවලින් පවා මෙරටට ගෙන්වා අලෙවි කිරීම සිදු කරන යුගයක කාන්තාවන් පිරිසක් එක්ව වෙසක් කූඩු තනා අලෙවිකරණ පිරිසක් දඹුල්ල කණ්ඩලම පාර  ප්‍රදේශයේ දී අද දෙරණට හමු විය.

එකම පවුලේ කාන්තාවන් පිරිසක් විවිධාකාරයේ වෙසක් කූඩු උන බටවලින් නිර්මාණය කොට විවිධ ගණන් යටතේ ජනතාවට අලෙවි කිරීම දැකගැනීමට හැකිවිය.

පසුගියදා ඇතිවූ ත්‍රස්තවාදී ප්‍රහාරය සමඟ වෙසක් කූඩු අලෙවියේ යම් අඩුවක් පවතින බව වෙසක් කුඩු නිර්මාණ කරුවෝ කියති.

රුපියල් 800 සිට රුපියල් 100 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ අටපට්ටම් , නෙලුම් මල් ආදී විවිධ වෙසක් කූඩු මෙම පිරිස නිර්මාණය කරති.