මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ බවට සැක සිරුරු 4ක් සයින්දමර්දු ප්‍රදේශයෙන් සොයා ගනී

මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ බවට සැක සිරුරු 4ක් සයින්දමර්දු ප්‍රදේශයෙන් සොයා ගනී

April 27, 2019   07:40 am

අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ බවට සැක සහිත මළ සිරුරු 4ක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇත.

අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේ ඊයේ (26) රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ තවත් පිරිසක් අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.

මේ අතර, අම්පාර කල්මුණේ ප්‍රදේශයේ දී යම් පිපිරීමක් ද සිදුවු බව ආරක්ෂක අංශ පවසයි.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී ත්‍රස්ථවාදීන් බවට සැක කළ හැකි 3ක් හෝ 6කගෙන් යුත් පිරිසක් එහි රැඳී සිටි ඇතැයි ද ආරක්ෂක අංශ ඊයේ පවසා සිටියේය.

මේ වන විට කල්මුණේ, චාවලකඩේ සහ සමන්තුරේ යන පොලිස්බල ප්‍රදේශ යන්හි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර, සෝදිසි මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක බව ද පොලීසිය පවසයි.