අම්පාර කල්මුණේ ප්‍රදේශයේ පිපිරීමක්

අම්පාර කල්මුණේ ප්‍රදේශයේ පිපිරීමක්

April 26, 2019   08:51 pm

අම්පාර කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ මීට පැය 2 කට පමණ පෙර ආරක්ෂ අංශ විසින් සෝදිසි මෙහෙයුමක්  සිදු කර ඇත. 

මෙම සෝදිසි මෙහෙයුමේදි පුපුරණ ද්‍රව්‍ය සහ ඒ සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය රැසක් තිබු ගබඩාවක් සොයා ගෙන ඇති අතර එහි තිබි ත්‍රස්තවාදීන් බාවිතා කළ ඔවුන්ගේ ලංජනය සඳහන් කොඩියක්ද හමු වී තිබේ.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තුත් මහතා පැවසුවේ සෝදිසි මෙහෙයුම් සිදු කළ අවස්ථාවේ කල්හුණේ ප්‍රදේශයෙන් පිපිරීම් හඬක් ඇසුනු බවත් ඒ අනුව එම ප්‍රදේශය වැටලු බවත්.

එම අවස්ථාවේදි එම පිරිස සහ යුද හමුදාව අතර වෙඩි හුවමාරුවක් සිදු වු බවත් ඒ අනුව එම ස්ථානයේ ත්‍රස්තවාදීන් 3ත් 6ත් අතර පිරිසක් සිටිය හැකි බවට විශ්වාස කරන බව ඒ මහතා පැවසීය. 

කෙසේ වෙතත් මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවද ඒ මහතා පැවසීය.

මේ වන විට යුද හමුදාව විසින් ප්‍රථිප්‍රහාර එල්ල කරමින් සිටින බව ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.