STFසහ තවත් පිරිසක් අතර අම්පාරේ දී වෙඩි හුවමාරුවක්
April 26, 2019 07:58 pm
අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේ මීට සුළු වේලාවකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකාය සහ තවත් පිරිසක් අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකරමින් සිටි සෝදිසි මෙහෙයුමක් අතරතුරදී මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව පවසා සිටියේය.
