ලොස් ඇන්ජලීස් ඔලිම්පික්වලට ක්‍රිකට් කණ්ඩායම් සුදුසුකම් ලබන හැටි
June 29, 2026 07:50 pm
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයක් සිදු කර තිබේ.
ඒ අනුව එම ඉසව්ව සඳහා පිරිමි හා කාන්තා කණ්ඩායම් හය බැගින් ක්‍රීඩා කිරීමට නියමිතය.
මහද්වීප අනුව විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින කණ්ඩායම් පහ මෙම ඉසව්ව සඳහා ඍජුව සුදුසුකම් ලබාගනු ඇත.
හය වන කණ්ඩායම සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියක් 2027 වසරේදී පැවැත්වෙනු ඇත.
සත්කාරකත්වය දරනු ලබන අමෙරිකාව ඔලිම්පික් ක්‍රිකට් ඉසව්ව සඳහා සුදුසුකම් ලැබූවත් කාන්තා කණ්ඩායමට එම අවස්ථාව හිමි නොවන බව අයි.සී.සීය ප්‍රකාශ කරයි.
ඒ, එම කණ්ඩායම අන්තර්ජාතික විස්සයි විස්ස ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථාන 15 තුළ රැඳිනොසිටීම හේතුවෙනි.
ප්‍රධාන මහද්වීප හතර නියෝජනය කරමින් ශ්‍රේණිගත කිරීම්වල ඉහළින් සිටින කණ්ඩායම් හතර ඍජුවම සුදුසුකම් ලබා ගනු ඇත.
ඒ අනුව ඔලිම්පික් සඳහා අවස්ථාව නොලද අදාළ ශ්‍රේණිගත කිරීම්වල ඉහළින් සිටින ඊළඟ කණ්ඩායම පස්වන කණ්ඩායම ලෙස මෙම ඉසව්වට තෝරාගනු ලබා ගන්න බව සඳහන්ය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඔලිම්පික් කමිටුව විසින් රටක් ලෙස පිළිනොගෙන ඇති බැවින් ඔවුන්ට මෙම අවස්ථාව අහිමිවනු ඇති බව ජගත් ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේය.
