ලොව දෙවන විශාලතම දියමන්තිය අප්‍රිකාවෙන්
සයුරෙන් එතෙර

ලොව දෙවන විශාලතම දියමන්තිය අප්‍රිකාවෙන්

April 26, 2019   03:29 pm

ලොව දෙවන විශාලතම දියමන්තිය අප්‍රිකානු රටක් වන බොට්ස්වානා රාජ්‍යයෙන් සොයාගෙන ඇත.

කැරට් 1758ක් වන මෙම දියමන්තිය එරට පතලකින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහි ප්‍රමාණය ටෙනිස් පන්දුවක විශාලත්වයට සමාන බව පර්යේෂකයින් පෙන්වා දෙනු ලබයි.

1905 වසරේ දකුණු අප්‍රිකාවේ පතලකින් සොයාගත් කැරට් 3106ක දියමන්තිය මේ දක්වා සොයාගෙන ඇති විශාලතම දියමන්තිය ලෙස සැළකෙයි.