පාර්ලිමේන්තු අවසර පත්‍ සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයා රඳවා ප්‍රශ්න කරන්න අවසර

පාර්ලිමේන්තු අවසර පත්‍ සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයා රඳවා ප්‍රශ්න කරන්න අවසර

April 26, 2019   02:58 pm

බලන්ගොඩ, කිරිමැටිතැන්න ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා රඳවා තබාගෙන ප‍්‍රශ්ණ කිරීමට අධිකරණයෙන් අවසර හිමිව ඇත.

බලන්ගොඩ, කිරිමැටිතැන්න ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන මාර්ගයේ දල සැලැස්මක්, පාර්ලිමේන්තු අවසර පත්‍ර 06ක් සහ කැබ් රථයක් සමඟ තරුණයෙකු ඊයේ (25) අත්අඩංගුවට ගනු ලැබුණි.

බලන්ගොඩ පොලීසියට ලද තොරතුරක් මත අදාල නිවස පරීක්ෂාවට ලක් කර ඇති අතර එම නිවසේ තිබී ටැබ් පරිඝනකයක්, ජංගම දුරකතන 03ක්, සිම් කාඩ්පත් 13ක්, ටී 56 ජීව උණ්ඩ 02ක්, ක්‍රෙඩිට් කාඩ් පත් කිහිපයක් ද සොයාගෙන ඇති බව සඳහන් විය.

පුපුරණ ද්‍රව්‍ය තිබේද යන්න සම්බන්ධයෙන් අදාල නිවස සහ පොලිස් බාරයට ගැණුනු කැබ් රථය ද ටෝගා නමැති සුනඛයා ලවා පරීක්ෂාවට ලක් කිරීමට බලන්ගොඩ පොලීසිය කටයුතු කළේය.

කැබ් රථයේ හිමිකරු අම්පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇති අතර කොල්ලුපිටිය ප්‍රදේශයේ අවන්හලක සේවය කර ඇති අත්අඩංගුවට ගත් 26 හැවිරිදි තරුණයා ඊයේ (25) බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා සැකකරු රඳවා තබාගෙන ප‍්‍රශ්න කිරීමට අවසර ලබාදෙන දී ඇත.