නීති විරෝධීව මෙරට රැඳී සිටි පකිස්ථානුවන් තිදෙනෙක් අත්අඩංගුවට

නීති විරෝධීව මෙරට රැඳී සිටි පකිස්ථානුවන් තිදෙනෙක් අත්අඩංගුවට

April 25, 2019   02:31 pm

නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි පාකිස්ථාන ජාතිකයින් තිදෙනෙකු පොතුවිල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්යය බලකා අරුගම්බේ කඳවුරේ නිළධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

සැකකාර පාකිස්ථාන ජාතිකයින් සතුව වලංගු වීසා බලපත්‍ර හෝ විදේශ ගමන් බලපත්‍ර නොතිබූ බව විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.

ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා පොතුවිල් පොලිස් ස්ථානයට බාරදී ඇත.