කුඩා මුස්ලිම් කණ්ඩායම් සියල්ල වාරණය කරන්න ඉල්ලීමක්

කුඩා මුස්ලිම් කණ්ඩායම් සියල්ල වාරණය කරන්න ඉල්ලීමක්

April 25, 2019   02:20 pm

සංවිධාන ගතව සිටින කුඩා මුස්ලිම් කණ්ඩායම් සියල්ල වහාම වාරණය කරන ලෙස මුස්ලිම් බුද්ධිමය සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

මුස්ලිම් බුද්ධිමය සංගමය ඊයේ(24) කොළඹදී මාධ්‍ය සාකච්ඡාවදී එම සංගමයේ නියෝජිතයින් මේ බව සඳහන් කළේය.

මේ අතර ඔවුන් සඳහන් කරන්නේ සුළු පිරිසක් සිදුකළ මෙම ත්‍රස්ත ක්‍රියාව හේතුවෙන් සමස්ථ මුස්ලිම් ජනතාවකට චෝදනා නොකරන ලෙසයි. 

සුළු පිරිසක් සිදුකළ සිදුකළ මෙම ක්‍රියාව හේතුවෙන් රටේ සුළු ජන කොටසක් ලෙස ජීවත් වන මුස්ලිම් ජනතාව මේ මොහොත වන විට ඉතා අසරණ භාවයට පත්ව ඇති බව ඔවුන් සඳහන් කළේය.